22nd March 2023 21:37:34 Hours
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලැබූ ‘ආරක්‍ෂක සේවා මෝටර් රථ ධාවන ශූරතාවලිය - 2023’ වැලිසර කොළඹ සුපර්ක්‍රොස් ධාවන පථයේදී 2023 මාර්තු මස 16 සහ 17 දෙදින තුළ පැවති අතර එම තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ධාවකයින් විසින් දිනාගනු ලැබීය.
යුද්ධ හමුදා මෝටර් රථ ධාවකයින් ලකුණු 184 ක් රැස්කරගනිමින් තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් අතර ලකුණු 126 ක් රැස්කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින් තරඟාවලියේ අනුශූරතාවය දිනාගත්තේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ධාවකයින් රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 1 ක් දිනාගැනීමට සමත්වූහ. තරඟාවලියේ අදියර 5 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ධාවකයින් 7 දෙනෙක් සහභාගි වූහ. තරඟාවලියේ දක්‍ෂතම මෝටර් රථ ධාවකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල් එච්.එම්.ජේ.එස්. ප්‍රේමරත්න විසින් දිනාගන්නා ලදී.