27th March 2023 23:29:56 Hours
සිවිල් වැසියන් සහ ආරක්‍ෂක අංශ අතර පවතින සංහිඳියාව සහ සහජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 663 වන පාබල බලසේනාව සහ 66 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු වොලිබෝල් ක්‍රීඩකයින් සහ දොන් බොස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වොලිබෝල් ක්‍රීඩකයන් අතර වොලිබෝල් තරඟාවලියක් පසුගිය ඉරිදා (මාර්තු මස 19) දින පැවැත්විණි.
තියුණු තරඟයකින් අනතුරුව තරඟ වට තුනට දෙකක් වශයෙන් තරඟාවලිය ජයග්‍රහණය හිමිකරගැනීමට 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු වොලිබෝල් කණ්ඩායම සමත්වූහ. ඉන් අනතුරුව, එම කණ්ඩායම් දෙක අතර තවත් තරඟ කිහිපයක් පැවැත්වීය.
66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් ජයවර්ධන සහ 663 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුනීත තෙන්නකෝන් ගේ උපදෙස් මත 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.පී.ටී. පෙරේරා මෙම සුහඳ වොලිබෝල් තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.
මෙම තරඟාවලිය සාර්ථක කරගැනිමට අවශ්‍ය මඟපෙන්වීම් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ලබාදුන්නේය.
මෙම තරඟාවලිය නැරඹීම සඳහා දොන් බොස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන පූජකතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය, 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ තවත් ක්‍රීඩාලෝලී ප්‍රේක්‍ෂකයන් පිරිසක් සහභාගී වූහ.