Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2023 23:06:27 Hours

යුද්ධ හමුදා විශේෂ බලකායේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව අවසන්

යුද්ධ හමුදා විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා තරඟාවලිය - 2023’ වවුනියාව, මුණ්ඩිමුරිප්පු ප්‍රදේශයේ පිහිටි 3 වන විශේෂ බලකා මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (23) දින පැවැත්විණි.

යුද්ධ හමුදා විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත විශේෂ බලකා සාමාජිකයන්ගේ අරමුණු සහ ඉලක්කයන් සාර්ථක කරගැනීමට කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ක්‍රීඩා උත්සවය පැවැත්වීය.

ක්‍රිකට්, වොලිබෝල් සහ පා පන්දු ක්‍රීඩා ඉසව්වලින් සමන්විත වූ මෙම තරඟාවලියේ දී ක්‍රිකට් සහ වොලිබෝල් ශූරතාවය 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවට සහ පාපන්දු ශූරතාවය 4 වන විශේෂ බලකා රෙජිමේන්තුවට ද හිමිවිය.

මෙම තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද රණසිංහ සහභාගී වූ අතර විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති, විශේෂ බලකායේ අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.