22nd March 2023 09:38:45 Hours
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ මළල ක්‍රීඩා දක්‍ෂතා දැක්වූ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සාමාජිකාවන් දිරිගැන්වීමේ වැඩසටහනක් පනාගොඩ ප්‍රදේශයේ පිහිටි එම ඒකකයේදී මාර්තු මස 15 දින පැවැත්විණ.
එහිදී, ‘දකුණු ආසියානු රට හරහා දිවීම - 2022’ තරඟාවලියේ විශිෂ්ට දක්‍ෂතා දැක්වූ දිගුදුර ධාවක ලාන්ස් කෝප්‍රල් එච්.එම්.පී. හේරත් ‘ඉන්දියානු රාජ්‍ය තරඟාවලිය - 2022’ තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ කාන්තා සෙබල බී.අයි.එන්. ජයමාන්න වෙත එම ඒකකයේ අණදෙන නිලධාරි ගේ සුබපැතුම් හා ප්‍රශංසා පිරිනැමීය. එම ක්‍රීඩිකාවන් වෙත 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සියලු සාමාජිකයන්ගේ අනුග්‍රාහකත්වය මත රු. 10,000/= ක මූල්‍ය දීරි දීමනාවයන් ද පිරිනැමීය.