29th May 2024 13:18:35 Hours
231 පාබල බලසේනාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් උද්‍යානි මුණසිංහ මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ගර්භණී මාතාවන් 50 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අඩු ආදායම්ලාභී පවුල් 02 ක් හා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 05 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් හිඟුරක්ගොඩ ‘පුලතිසි තාරුකා මණ්ඩපය’ රඟහල් පරිශ්‍රයේදී 2024 මැයි මස 19 දින පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් සහභාගි විය. ගර්භණී මාතාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආර්ථිකමය වශයෙන් උපකාර කිරීම අරමුණින් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන පවත්වනු ලැබූ අතර, එහිදී ඔවුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමූහ.
231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.ඩී.පී කුලතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.