21st May 2024 20:41:25 පැය
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 553 පාබල බලසේනාව කිලිනොච්චි දිස්ත්‍රික්ක මහ රෝහල සමඟ එක්ව තර්මපුරම් ප්‍රාදේශිය රෝහලේ දී 2024 මැයි මස 18 දින රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් වෙසක් උත්සවයට සමගාමීව පවත්වන ලදී.
21st May 2024 18:56:56 පැය
52 පාබල සේනාංකය, 521 පාබල බලසේනාව සහ 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් පේදුරුතුඩුව, කට්කෝවලම් හි පිහිටි කට්කෝවලම් මෙතෝදිස්ත මිශ්‍ර දමිළ විද්‍යාලයේ සිසුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සම්බන්ධීකරණය කරන ලදී.
21st May 2024 18:42:15 පැය
15 වන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් වෙනුවෙන් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2024 මැයි 18 වන දින දන්සලක් සංවිධානය කරන ලදී.
20th May 2024 17:45:37 පැය
12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 12 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි දානපති ජී.කොරතොට මහතාගේ මුල්‍ය අනුග්‍රාහකත්වය ඇතිව විහාරමහාදේවිපුර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 2024 මැයි මස 11 දින නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.
20th May 2024 17:37:44 පැය
මුතියංගන පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මැයි මස 14 දින සිට 18 දින දක්වා එම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සිදුකරනු ලැබීය.
18th May 2024 20:12:55 පැය
පිළියන්දල, සොයිසා නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා තූර්යවාදක හා රංගකලා අධ්යක්ෂ මණ්ඩලයේ භටපිරිස් එක්ව එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් මැයි මස 16 දින පවත්වනු ලැබීය.
15th May 2024 18:28:46 පැය
සේරුවිල ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් 2024 මැයි මස 12 දින පැවැත්විය.
15th May 2024 18:27:49 පැය
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 මැයි මස 12 දින සේරුවිල මංගල රජමහා විහාර ශ්‍රී සුමේදන්කර දහම් පාසලේ සිසුසිසුවින් 300 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
15th May 2024 18:13:51 පැය
වවුනියාව ප්‍රදේශයේ අක්ෂි දෝශ සහිත පුද්ගලයන්ට උපකාර කිරීමේ අරමුණින් 562 බලසේනාවේ ස්ථාපිත 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් රාජේන්ද්‍රකුලම් දමිල මිශ්‍ර පාසලේ දී අක්ෂි සායනයක් 2024 මැයි 12 දින පවත්වන ලදී.
14th May 2024 22:07:19 පැය
12 පාබල සේනාංකය මගපෙන්වීම යටතේ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සීගේ සම්බන්ධීකරණයෙන් චමින්ද වෙලේගම මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 2024 මැයි මස 10 දින මොනරාගල, මාලිගාවිල ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.