28th May 2024 17:12:50 Hours
541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් 2024 මැයි මස 24 දින මන්නාරම ප්‍රදේශයේදී බත් දන්සැලක් පවත්වන ලදී.
දන්සලෙහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි යූඑස්පී සහභාගී වූ අතර එම ප්‍රදේශය අවට වෙසෙන බැතිමතුන් 1500 දෙනෙකුට අධික පිරිසක් දන්සැල සඳහා සහභාගී වූහ.
541 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී සේවයේ නියුතු ත්‍යාගශීලී භටපිරිස් ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් සිය මූල්‍යමය දායකත්වය ලබාදුන්හ.