Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2024 13:34:49 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් උඩමුල්ල මහා විද්‍යාල පරිශ්‍රයේ බුදුමැදුරක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කරයි

හම්බන්තොට, උඩමුල්ල මහා විද්‍යාලයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති බුදුමැදුර 12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ඉදිකර එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් 2024 මැයි මස 23 දින එම බුදුමැදුරේ බුදු පිළිමයක් තැන්පත් ක‍‍ළේය.

බුදුමැදුරේ ඉදිකිරීම් කටයුතු මීට මාස කිහිපයකට ප්‍රථම 12 පාබල සේනාංකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.