28th May 2024 17:17:27 Hours
වෙසක් උත්සවයට සමගාමීව 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත 2024 මැයි මස 23 සිට 25 දින දක්වා කාලය තුළ ඉරණමඩු ප්‍රදේශයේදී එම බලකායේ භටපිරිස් විසින් වෙසක් කලාපයක් පැවැත්වීය.
මෙම වෙසක් සැමරුම් උත්සවයට සමගාමීව, 1 බලකාය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් දන්සැලක් පවත්වමින් ඉරණමඩු සහ කිලිනොච්චි ප්‍රදේශවාසී සිවිල් වැසියන් 6000 කට අධික පිරිසක් වෙනුවෙන් බත් පාර්සල් පිරිනමනු ලැබීය. මෙම වැඩසටහන අතරතුර ආගමික වතාවත් මධ්‍යයේ 1 බලකායේ බලකාධිපතිතුමන්ගේ සුරතින් වෙසක් පහන් කූඩු දැල්වීය. පසුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සම්භාවනීය අමුත්තන් එම පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර එහිදී 1 බලකායේ බලකාධිපතිතුමන් 1 බලකාය සහ ඒ යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් සිදුකරනු ලැබූ මෙම වර්ණවත් ව්‍යාපෘතිය ඇගයීමට ලක්කළේය. මීට සමගාමීව, යුද්ධ හමුදා භටපිරිස් විසින් භක්ති ගීත වැඩසටහනක් ද පැවැත්වීය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ කිලිනොච්චිය ප්‍රදේශයේ ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.