Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th May 2024 17:05:37 Hours

වෙසක් උත්සවය නිමිත්තෙන් 52 පාබල සේනාංකය වෙතින් වෙසක් කලාපයක් පවත්වයි

වෙසක් උත්සවය නිමිත්තෙන් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 මැයි මස 23 දින සිට 26 දින දක්වා මිරිසුවිල් ප්‍රදේශයේ සහ නාවට්කුලි පිහිටි සමිද්ධි සුමන විහාරස්ථාන පරිශ්‍රයේදී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වෙසක් කලාපය වර්ණවත් වෙසක් කූඩුවලින් අලංකාරවත් වී තිබූ අතර එහිදී ‘භක්ති ගීත’ වැඩසටහනක් ද පැවැත්වුණු අතර එහිදී බත් දන්සැලක් ද පැවැත්විණි.

වෙසක් උත්සවයට සමගාමීව 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත එම බලසේනාව වෙතින් කඩෙයිකාඩු ප්‍රදේශයේදී සිසිල් බීම දන්සලක් පැවැත්වීය. මෙම දන්සැල සඳහා සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.

මීට අමතරව, 23 ගැමුණු හේවා බලකාය වෙතින් 2024 මැයි මස 24 දින මුහමාලේදී 23 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත බනිස් සහ සිසිල්පැන් දන්සලක් පැවැත්විණි. මෙම අවස්ථාවට සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.