21st July 2024 19:19:21 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 12 පාබල සේනාංකය වෙතින් 2024 ජුනි මස 30 දින යාපනයේ සිට කතරගම දක්වා වාර්ෂිකව පවත්වනු ලබන ‘පාද යාත්‍රා’ පාද වන්දනාවේ නිරත බැතිමතුන් වෙනුවෙන් සිය සහයෝගය දැක්වීය.
කුඹුක්කන් ඔය සිට කටගමුව දක්වා දිවෙන මාර්ගයේ ගමන්ගත් බැතිමතුන්ට ආරක්‍ෂාව සහ පරිපාලන සහයෝගය මෙහිදී භටපිරිස් විසින් ලබාදෙනු ලැබිණි. තවද, භටපිරිස් විසින් ඔවුන්ට අවැසි වෛද්‍ය ආධාර, පානීය ජලය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් ද ලබාදුන්හ.
එමෙන්ම, භටපිරිස් විසින් 2024 ජුනි මස 30 දින යාල ජාතික වනෝද්‍යානයේ ලින් තුන ප්‍රදේශයේ ‘සරුවත් දන්සලක්’ පැවැත්වූ අතර 2024 ජූලි මස 02 සිට 16 දින දක්වා කටගමුව ප්‍රදේශයේදී ද දන්සැලක් පැවැත්වීය. එහිදී, ඔවුන් දහස් ගණන් බැතිමතුන් වෙනුවෙන් දිනපතා ආහාර වේල් තුනක් ලබාදුන්හ.