Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th July 2024 14:27:51 Hours

12 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන සිසු සිසුවියන්ට උපකාර කිරීමේ අරමුණින් 12 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් 2024 ජූලි මස 19 දින අරලගංවිල මහවැලි ප්‍රථිභා රංග ශාලවේදි පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහනේදී සිසුන් 165 දෙනෙකුට පාසල් පොත්පත් බෙදා දීමට අමතරව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් සේවා වනිතා ශාඛාව විසින් ගුරුභවතුන්, දෙමාපියන් සහ සිසු සිසුවියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ.කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය. ආචාර්ය සංජීව රාජපක්‍ෂ, ජාලිය බෝදින්නාගොඩ, හිරන්ද සිල්වා, සහ විපුල පෙරේරා යන මහත්වරුන්ගේ අනුග්‍රහක දායකත්වය මෙම වැඩසටහන සඳහා හිමි විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.