18th July 2024 20:18:05 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ අංගයක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී උපදෙස් පරිදි අභිනවයෙන් ඉදිකරන ලද නිවස 2024 ජූලි මස 16 දින මුහමලේ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් පවරා දෙන ලදී. මෙම ව්‍යාපෘතියට පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වය ලැබිණි.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 23 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.එම්.ආර්.බී. රත්නායක ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ 23 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙම නිවස ඉදිකරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ප්‍රජා නායකයින්, සෙසු නිලයන් සහ ගම්වාසීන් සහභාගී වූහ.