19th July 2024 18:06:47 Hours
වව්නියාවේ දමිළ වැසියන්ගේ කෘෂිකර්මයට හොද අස්වැන්නක් ලබා දීම සඳහා සූර්යාට සහ ඉන්ද්‍ර දෙවියන් වෙත උපහාරයක් වශයෙන් වාර්ෂීකව පවත්වන උත්සවය සමරනු ලැබීය. 2024 ජූලි 13, 14, සහ 15 යන දිනවල අරසර්පති ශ්‍රී කන්නකායි අම්මාන් රන් කෝවිලේදී පවත්වන ලද පූජාවට 56 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගි විය.
2024 ජුලි මස 15 දින පවත්වන ලද විශේෂ පූජාවකට සහභාගි වන ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත කරන ලද ආරාධනාවකට අනුව එතුමන් මඟපෙන් වීම යටතේ පූජෝත්සවය සාර්ථක කරගැනීම සඳහා 56 පාබල සේනාංකයේ භට පිරිස් කෝවිල් බලධාරීන් වෙත සහය දක්වන ලදී.
මෙම අවස්ථාවට 56 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 563 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ.