19th July 2024 18:10:50 Hours
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සිසුන් 59 දෙනෙකු සඳහා 2024 ජූලි මස 18 දින කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේ දී එක්දින වැඩමුළුවක් පවත්වන ලදී. එම විද්‍යාලයේ විදුහල්පතිගේ ඉල්ලීම පරිදි වැඩමුළුව සංවිධානය කරන ලද අතර, මෙම වැඩමුළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් මෙහෙයවන ලදී.
එම වැඩමුළුවේ දී, එන්ජින් ක්‍රියාකාරිත්වය, විදුලි පද්ධතිය, සිසිලන සහ ලිහිසි පද්ධතිය සහ මෝටර් රථ කර්මාන්තයේ භාවිතා වන විවිධ වර්ගයේ ලිහිසි තෙල් ඇතුළු එන්ජින් යාන්ත්‍ර පිළිබඳ සිසුන් දැනුවත් කරන ලදී.
මෙම වැඩමුළුවේ දී සිසුන් උණන්දුවක් ඇතිකරමින් පුහුණුවේ වැඳගත්කම අවධාරණය කරන ලදී එම විෂයයන් පිළිබඳ සිසුන් උණන්දුවකින් තම අධ්‍යන කටයුතු සිදු කල අතර, වැඩමුළුව අවසානයේ සිසුන් විසින් වැඩපලේ කාර්ය මණ්ඩලය වෙත සිය කෘතඥතාව පළ කරන ලදී
මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ජේ. ආරියසේන, එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩී.ඒ සිරිමාන්නගේ, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල - කටුබැද්ද අණදෙන නිලධාරි කර්නල් ජේ.එම්.ආර්. ජයසිංහ පීඑස්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.