22nd March 2023 09:55:21 පැය
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ භටපිරිස් විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍යමය සහයෝගය මත මොණරාගල ප්‍රදේශයේ පාසල් තුනක අධ්‍යාපනය ලබන සිසුසිසුවියන්ට පාසල් ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවදා (14) දින පැවැත්විණි.රුපියල් 3500.00 ක වටිනාකමකින් යුත් පාසල් ලිපි ද්‍රව්‍ය ඇසුරුම් 238 ක් මෙහිදී ප්‍රදානය කළ අතර ‘අත-හිත 2023’ පදනම සහ බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක සහ කාර්යය මණ්ඩලය එක්ව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබීය.
22nd March 2023 09:46:25 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයට අයත් 573 වන පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් කිලිනොච්චිය භාරතීපුරම් විද්‍යාලයේ ඉගෙනුම ලබන විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිසුන් 50 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මාර්තු මස 17 වන දින 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී. අත්තනගල්ල රජමහා විහාරවාසී බුකැන්දයායේ චන්දරතන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් ‘ලක්දරු යාත්‍රාව‘ ව්‍යාපෘතිය මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය ලබා දුන්හ.
20th March 2023 18:47:29 පැය
වෙරළබඩ හා සාගර සම්පත්වල වටිනාකම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 551 වන පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 17) දින මුනායි, පේදුරුතුඩුව, සුපර්මඩම් සහ සක්කොටෙයි යන ප්‍රදේශයන්හි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළහ. 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ මගපෙන්වීම අනුව ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය 551 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජූඩ් කාරියකරවන ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි. පොදු වැඩසටහන් සඳහා ප්‍රජා දායකත්වය සහ වෙරළ පිරිසිදු කිරීම වැනි පාරිසරික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා ජනතාවගේ දායකත්වය ලබාගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
18th March 2023 21:30:22 පැය
532 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මේදංක අල්විස් ගේ ඉල්ලීමකට අනුව ‘යුතුකම’ පුණ්‍යායතනය සහ කොළඹ ප්‍රදේශයේ වෙසෙන දානපති ගයා මීවැල්ල මහත්මිය ඒකාබද්ධව ලබාදුන් අනුග්‍රාහකත්වය මත 1 වන බලකා මූලස්ථානය යටතේ ස්ථාපිත 53 වන පාබල සේනාංකයට අයත් 532 වන පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය දා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පිහිටි ‘ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානය’ වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
18th March 2023 21:20:22 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන පාබල සේනාංකයට අයත් 623 වන පාබල බලසේනාවේ භටපිරිස් කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන 1ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 88 දෙනෙකු වෙනුවෙන් පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදාදීමේ සහ ගුරු භවතුන් 6 දෙනෙකු සඳහා විශේෂ සේවා ඇගයීම් තිළිණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
18th March 2023 21:05:22 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයට අයත් 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ගාල්ල ඓතිහාසික උණවටුන ගොඩේවත්ත විහාරස්ථානයේ දායක සභාවේ සහයෝගය ඇතිව එම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා පසුගිය දා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූහ. 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් 20 දෙනෙකු මෙම ‘ශ්‍රමදාන’ වැඩසටහනට සඳහා සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.
18th March 2023 20:10:18 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන පාබල සේනාංකයට අයත් 653 වන පාබල බලසේනාවේ භටපිරිස් පෙරියමඩු මුස්ලිම් පාසල සහ තච්චන්මරදමඩු රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන 6,7,8 සහ 9 ශ්‍රේණිවල සිසු සිසුවියන් වෙනුවෙන් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ පාර්සක් 150 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 16) දින පෙරියමඩු මුස්ලිම් පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
17th March 2023 20:37:55 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් මන්නාරම ශාන්ත සෙබස්තියන් දේවස්ථානය විසින් සංවිධානය කරන ලද ‘කල්වාරි වන්දනා පා ගමන’ සඳහා සහභාගී වූ කිතුණු බැතිමතුන් 500 කට අධික පිරිසක් වෙත ශීත කළ සිසිල් බීම සහ පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (15) දින පවත්වනු ලැබීය. 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ ගේ උපදෙස් මත භටපිරිස් විසින් විකුම්පුර සිංහල ගම්මානය ඉදිරිපිට සහ තල්ලඩි මංසන්ධියේ දී මෙම සංග්රහයන් සිදුකරන ලදී.
17th March 2023 19:50:55 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනාවේ භටපිරිස් පසුගිය බදාදා (මාර්තු මස 15) දින මාන්කුලම්, නන්දන්කන්ඩාල් ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුලක් වෙත රුපියල් 15,000/= ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් පරිත්‍යාග කරනු ලැබීය. 652 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව වනසේකර ප්‍රමුඛ එම බලසේනාවේ භටපිරිස් එම පවුලේ අවශ්‍යතාවයන් පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය සිදුකිරීම සඳහා සිය අනුග්‍රාහකත්වය දැක්වූහ. 652 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව වනසේකර ප්‍රමුඛ එම බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීන් කිහිපදෙනෙකු ප්‍රතිලාභී නිවස වෙත ගොස් ඔවුන් වෙත මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.
16th March 2023 20:20:51 පැය
මෙම මස 8 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන්ගේ දායකත්වයෙන් වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබූ අතර, එහිදී ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය පරිශ්‍රයේ එළවළු/පළතුරු යෙදා ගනිමින් සිදුකල කැටයම් හා අත්කම් ප්‍රදර්ශනයක්, හරවත් දේශනයන්, වොලිබෝල් තරඟාවලියක් සහ සංගීත සංදර්ශනයක් පවත්වනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හර්ෂනී බෝතොට මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘ඇය ජාතියේ අභිමානයයි’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ මෙම වැඩසටහන් මාලාවට 215 කට අධික කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන්ගේ පිරිසක් සඳහා සහභාගි වූහ.