Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2023 06:13:26 Hours

52 වන පාබල සේනාංකය සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන පාබල සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් එම මූලස්ථාන පරිශ්‍රයේදී අලුත් අවුරුදු උත්සවයක් පසුගිය සෙනසුරාදා (8) දින පවත්වන ලද අතර, ඒ සඳහා සම්ප්‍රදායික ක්‍රීඩා සහ විනෝදාත්මක අංගයන් රැසක් ඇතුලත් වූහ.

52 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ මෙම උත්සව අවස්ථාව සඳහා 521 සහ 523 පාබල බලසේනාව, 11 වන කාරක ඉංජිනේරු බලකාය, 7 හා 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 15(සෙව්) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහභාගී වූහ.

පැරණි අවුරුදු සම්ප්‍රදායන් හා වාරිත්‍රවලට අනුව ඉදිකරන ලද ආදර්ශ ‘ගැමිගෙදර’, උත්සව අවස්ථාවට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තාගේ නිරීක්‍ෂණයට ලක්වූ අතර, එතුමන් සමඟින් 52 වන පාබල සේනාංකයේ නිලධාරීන් පිරිසක් ද එක් වූහ.