12th April 2023 06:21:03 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයේ 541 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10(සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස් මූලිකත්වයෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වෙත නිදන කාරයක් සහ මුළුතැන්ගෙයක් ඉදිකර දෙන ලදී.
2009 මැයි මාසයට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එක් වී යුද්ධ හමුදාව සමඟ සිදුකරනු ලැබූ සටනේදී එක් පාදයක් අහිමිව දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන අඩම්පන්, නැදුන්කන්දල් ප්‍රදේශයේ පදිංචි සින්නප්පු ජේසුනාදන් පදිංචිව සිටින නිවසේ තත්ත්වය පිළිබඳව 10(සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස් දැනුවත් වන ලදී.
සින්නප්පු ජේසුනාදන් සිදුකරනු ලැබූ ඉල්ලීමක් මත 10(සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී ඔහුගේ නිවසේ නිදන කාමරය සහ මුළුතැන්ගෙය ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලටගෙන ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය. අනතුරුව පසුගිය බදාදා (5) දින 541 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස් ගමගේ, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 10(සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරී විසින් නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමෙන් පසුව ප්‍රතිලාභියා වෙත නිල වශයෙන් නිදන කාමරය සහ මුළුතැන්ගෙය භාරදෙනු ලැබීය. එහිදී වියළි සලාක පාර්සලයක් ද ලබා දෙන ලදී.
54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් අනුව මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම අවස්ථාවට නිවසේ ඉදිකිරීම් සඳහා දායක වූ යුද්ධ හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.