19th April 2023 19:27:22 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 පාබල සේනාංකයට අයත් 622 පාබල බලසේනාවේ භටපිරිස් 2023 අප්‍රේල් මස 7 සිට 9 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ චාරිකාව ලෙස නම් කරන ලද පාසල් හයක වාර්ෂික ඒකාබද්ධ අධ්‍යයන කඳවුරු ව්‍යාපෘතිය සඳහා සහයෝගය සහ අවශ්‍ය පහසුකම් සපයන ලදී.
18th April 2023 21:58:22 පැය
උදාවු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉකුත් සෙනසුරාදා (15) දින යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගන පරිශ්‍රයේදී ආරක්ෂ සේනා මූලස්ථානය - යාපනය සහ 51 සේනාංකයේ භටපිරිස් එක්ව සම්ප්‍රදායික චාරිත්රවාරිත්ර වලට මුල් තැන දෙමින් සංවිධානය කරනු ලැබු බක්මහ උළෙල සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී බී එස් එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්ඩබ්ලිව් බී වෙළගෙදර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහාභාගී වූහ.
18th April 2023 21:56:05 පැය
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු සිවිල් සේවකයින් 50 දෙනෙකු වෙත තිළිණ ප්රදානය කිරීමේ උත්සවයක් ඉකුත් සඳුදා (17) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි. එහිදි යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලය වෙනුවෙන් අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් චාරිත්‍රානුකූල තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී.
18th April 2023 21:53:58 පැය
682 පාබල බලසේනාවේ සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්වල දායකත්වයෙන් මුලතිව්, නන්දිකඩාල් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 5 කට සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වියළි සලාක පාර්සල් සහ රසකැවිලි පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින පවත්වන ලදී.
18th April 2023 21:51:28 පැය
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකය, සංඥා බලසේනාව, ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තු මූලස්ථානය, සියලුම ඒකක, ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසල සහ ශ්‍රී ලංකා සංඥා බලකා ඒකකයන්හී සේවා වනිතා ඒකකවල සහයෝගය ඇතිව සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් සහ අවුරුදු පොළක් ඉකුත් අඟහරුවාදා (11) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
18th April 2023 21:49:06 පැය
සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය විසින් සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු උත්සවය ඉකුත් අඟහරුවාදා (11) දින බොරැල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
18th April 2023 21:46:56 පැය
කොළඹ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ඉල්ලීම පරිදි ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (අප්‍රේල් 3) දින එම විද්‍යාලයේ සිසුන්ට පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
18th April 2023 21:44:18 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (11) දින පල්ලෙකැලේ 1 ශ්‍රී ලංකා රයිෆල් බළකා කඳවුරු පරිශ්‍රයේදී 11 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් සමඟ එක්ව ‘බක්මහ උළෙල’ පවත්වන ලදී.
18th April 2023 21:42:31 පැය
ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය විසින් ඉකුත් අප්‍රේල් 10 දින සංවිධානය කරන ලදී.
18th April 2023 21:36:55 පැය
දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් එක්ව අලුත් අවුරුදු දින (අප්‍රේල් මස 14) එම කඳවුරු පරිශ්‍රය තුළ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘බක්මහ උළෙලක්’ පවත්වනු ලැබීය.