01st April 2023 19:23:56 පැය
සොල්දාදුවෙකු සතු බහුවිධ හැකියාවන් සහ වෘත්තීය ප්‍රවීණත්වය පිළිබිඹු කරමින් පසුගිය සිකුරාදා (මාර්තු මස 24) දින පුත්තලම - ආණමඩුව මාර්ගයේ කොට්ටුකච්චිය පොදු ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක ගමන්ගත් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි මගියෙකුගේ ජීවිතය බේරාගැනීමට යුද්ධ හමුදා නිලධාරියෙකු සමත්විය.
01st April 2023 19:20:56 පැය
ඇමෙරිකාවේ වැඩවසන පූජ්‍ය බ්‍රාහ්මණගම මුදිත හිමිපාණන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ දායකයින් පිරිසක්, යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය සහ දායකත්වය මත කිරිඉබ්බන්වැව, නිකවැව, ඇහැටුගස්වැව, නව ගජබාපුර, නව මොණරවැව, ජනකපුර සහ හැලඹවැව යන ගම්මානවල පදිංචි ගර්භනී මාතාවන් වෙත පසුගිය අඟහරුවාදා (මාර්තු මස 28) දින කිරිඉබ්බන්වැව මහා විද්‍යාලයේදී වියළි ආහාර සලාක පාර්සල් 40 ක් බෙදාදීමෙි වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
01st April 2023 19:15:53 පැය
පොතුවිල් සිංහල විද්‍යාලයේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයට අයත් 242 වන පාබල බලසේනාවේ භටපිරිස් එම විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර මාර්තු මස 27 වන දින පැවති උත්සවයකදී පාසල් සිසුන් වෙත පවරාදුන්හ.
01st April 2023 19:03:53 පැය
අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත දෙසට ගමන්ගන්නා මාර්ගයේ පසුගිය බ්‍රහස්පතින්දා (30) දින පස්වරුවේ කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයින් සිය දායකත්වය ලබාදුන්හ.
01st April 2023 19:01:21 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (මාර්තු මස 31) දින යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි ‘විරුදරු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ.
29th March 2023 19:50:20 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකය සහ 222 වන පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් සේරුනුවර, තෝපූර් සහ කිලිවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 25 ක් අතර රුපියල් 4000 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 25 ක් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (මාර්තු 25) දින සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පරිශ්‍රයේදී දියත් කරන ලදී.
29th March 2023 19:40:20 පැය
613 වන පාබල බලසේනාවේ භටපිරිස් 3 වන (ස්වෙච්ඡා) සහ 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සමඟ එක්ව මාතර දෙලිකන්ද වෙරළ තීරය සහ නිල්වලා ගං මෝය ආශ්‍රිතව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (මාර්තු මස 27) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
29th March 2023 19:30:20 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයට අයත් 111 වන පාබල බලසේනා බලප්‍රදේයේ පිහිටි 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් අම්පිටිය, වේළුවන ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි එම විහාරස්ථාන පරිශ්‍රයේ උණ පැළ 100 ක් සිටුවීමේ ව්‍යාපෘතියකට ඉකුත් සදුදා (27) දින සිය දායකත්වය ලබාදුන්හ.
29th March 2023 19:20:20 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 553 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ පිහිටි ‘Help and Helper Foundation’ පදනමේ අනුග්‍රාහකත්වය මත යාපනය අර්ධද්වීපයේ මරුතන්කේනි ප්‍රදේශයේ තෝරාගත් අවශ්‍යතා සහිත සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පාර්සල් 38 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (මාර්තු මස 27) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
28th March 2023 18:47:04 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ රාජකාරි කරනු ලබන හමුදා සාමාජිකයන්ගේ පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 46 දෙනෙකු වෙත රුපියල් මිලියන 3ක් වටිනා මුල්‍ය ප්‍රදානයන් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ...