09th April 2023 20:03:49 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් විසින් ඒම මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (06) දින වාර්ෂිකව පවත්වනු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්වය ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූහ.
අලුත් අවුරුදු උත්සවය සඳහා ගම හරහා දිවීම, ග්‍රීස් ගහේ නැගීම, කොට්ට පොර, කඹ ඇදීම ඇතුළු සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝදාත්මක අංග රැසක් ඇතුළත් විය. තවද, උත්සව පරිශ්‍රයේ ගම්මුලාදෑනී නිවස (ආරච්චිල වලව්ව) ගැමි ගෙදර, පොළ (කඩමණ්ඩිය) සහ තවත් බොහෝ සම්ප්‍රදායික අංග ඇතුලත් විය.
මෙම අවුරුදු උත්සවයට ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21, 54, 56, 62 සහ 65 පාබල සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද, බලසේනා සහ ඒකක නියෝජනය කරමින් නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම අලුත් අවුරුදු උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.