Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2023 06:09:48 Hours

14 (සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස් උණවටුන වෙරළ තීරය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයේ 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14(සෙව්) ගැමුණු හේවා බලකායේ රාජකාරියෙහි නියුතු භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (06) දින ගාල්ල, උණවටුන වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ උපදෙස් මත පවත්වන ලද මෙම වැඩසටහන 613 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 14(සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී අධික්‍ෂණය කරනු ලැබීය.

මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු සහභාගී වූහ.