Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2023 20:03:32 Hours

593 පාබල බලසේනාවෙන් සිවිල් වැසියන් සඳහා නව ජල පවිත්‍රාගාරයක්

ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පාලනය වන 59 පාබල සේනාංකයේ 593 පාබල බලසේනාවේ භටපිරිස් හමුදා සිවිල් සහයෝගීතාවය ප්‍රවර්ධනය කරමින් 593 පාබල සේනාංක පිවිසුම අසල නව ජල පිරිපහදු ඒකකයක් ස්ථාපිත කරන ලදී.

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද රණසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 6) දින මෙම ජල පිරිපහදු ඒකකය විවෘත කරන ලදී.

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, එතුමන්ගේ සම්බන්ධතාවය මත විදේශීය මිතුරන් පිරිසක් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අනුග්‍රහය ලබා දෙන ලදී.

ප්‍රදේශයේ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අතර පානීය ජල ප්‍රශ්නය උග්‍රවීම හේතුවෙන් මෙම ඔස්මෝසිස් ජල පිරිපහදු ඒකකය ස්ථාපනය කරන ලදී. මෙම අවස්ථාව සඳහා දායකත්වය දැක්වූ දානපතියන් ලෙස සුනිල් විජේවර්ධන, මහින්ද සුබසිංහ, චම්මි සුමේද යන මහත්වරුන් සහභාගී වූ අතර, 593 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් චින්තක විජේනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද එක් වූහ.