29th March 2023 19:20:20 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 553 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ පිහිටි ‘Help and Helper Foundation’ පදනමේ අනුග්‍රාහකත්වය මත යාපනය අර්ධද්වීපයේ මරුතන්කේනි ප්‍රදේශයේ තෝරාගත් අවශ්‍යතා සහිත සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පාර්සල් 38 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (මාර්තු මස 27) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
28th March 2023 18:47:04 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ රාජකාරි කරනු ලබන හමුදා සාමාජිකයන්ගේ පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 46 දෙනෙකු වෙත රුපියල් මිලියන 3ක් වටිනා මුල්‍ය ප්‍රදානයන් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ...
27th March 2023 23:45:33 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ප්රමුඛ සිය පවුලේ සාමාජිකයන් විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ, මදුරන්කේනිකුලම් පාසලේ සහ කිරිමිච්චිඔඩෙයි පාසලේ සිසු සිසුවියන් වෙත දිවා ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (24) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
26th March 2023 22:15:13 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන පාබල සේනාංකයට අයත් 122 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් කිරින්ද, කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 150 දෙනෙකු වෙත රුපියල් 5,500.00 වටිනාකමකින් යුත් පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (24) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
26th March 2023 20:28:36 පැය
වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අඩාල වී තිබූ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් පසුගිය බදාදා (මාර්තු මස 15) දින දිවයින පුරා පිහිටි රෝහල් සහ අනෙකුත් පොදු ස්ථානයන්හි සිදුකරනු ලබන සෞඛ්‍ය සේවා සඳහා යොදවන ලදී. ඒ අනුව, 61 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 612 වන පාබල බලසේනාවට අනුයුක්ත 1 වන ශ්‍රී ලංකා පුරෝගාමී බලකායේ භටපිරිස් 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි හොරණ දිස්ත්‍රික් රෝහල සහ පානදුර මූලික රෝහලේ සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.
25th March 2023 21:26:07 පැය
තිරුක්කෝවිල්, තම්බිලියුවිල් ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක පසුගිය බ්‍රහස්පතින්දා (23) දින උදෑසන ඇති වූ ගින්නක් නිවා දැමීමට ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ 242 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කළහ.
24th March 2023 19:05:50 පැය
65 වන පාබල සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 651 වන පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය බදාදා (මාර්තු මස 22) දින කිලිනොච්චිය, තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි රෝමානු කතෝලික රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ පැවති වාර්ෂික ක්‍රීඩා උළෙලට සමගාමීව එම පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 93 දෙනෙකු වෙත රුපියල් 25,000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
23rd March 2023 21:35:28 පැය
1 වන බලකා මූලස්ථානය යටතේ ස්ථාපිත 53 වන පාබල සේනාංකයට අයත් ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභත් සංජීව ගේ මූලිකත්වයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත වැසියන් වෙත කෘත්‍රිම අත් පා, ඇස් කණ්ණාඩි සහ ඖෂධ තොගයක් බෙදාදීමේ වැඩසටහනක් 2023 මාර්තු මස 17 දින සිට 19 දින දක්වා පැවැත්විණි. ගුවන් සංග්‍රාමික බලසේනාවේ ඉල්ලීමකට අනුව කොළඹ රොටරි සමාජය වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යාග වැඩසටහන ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
22nd March 2023 21:41:49 පැය
බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති කහගොල්ලේ ආනන්ද හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ ධාතු මන්දිරය ඉදිකර වසරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වූ ආගමිකවතාවත් සහ පෙරහැර සඳහා ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක ඇතුළු එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 60 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ.
22nd March 2023 21:40:55 පැය
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් මුහුණදෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳ දැනුවත්වීමෙන් අනතුරුව 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය මූල්‍යමය දායකත්වය මත රුපියල් 120,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක තොගයක් එම රෝහල වෙත පරිත්‍යාග කළහ.