08th April 2023 20:35:02 පැය
දඹුල්ල මූලික රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීම මත ආරක්ෂක සේනා මූලස්ථාන - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයේ 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එම රෝහල් පරිශ්‍රය තුළ ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය සිකුරාදා (7) දින පවත්වනු ලැබීය.
07th April 2023 21:20:48 පැය
1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සහ වයඹ පුහුණු ආයතනය සමගින් එක්ව ලෝක ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ අනාගත පරපුර ඊට දායක කිරීමේ අරමුණින් පාසල් සිසුවියන් දිරිමත් කිරීම සඳහා සංවිධානය කරන ලද ‘හරිත නියමුවෝ’ යන තේමාව යටතේ කෘෂිකාර්මික දැනුම වැඩිදියුණු කිරීමේ සහ නායකත්ව හැකියාව සංවර්ධන කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (01) දින වාරියපොල වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
06th April 2023 19:14:43 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයේ 572 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කිලිනොච්චිය, කණ්ඩවාලෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් වල පාසල් හතක අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 130 දෙනෙකු වෙත පාසල් උපකරණ ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් 2023 මාර්තු මස 30 වන දින පවත්වන ලදී.
06th April 2023 19:00:43 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයේ 211 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මැදවච්චිය, ළිඳවැව ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 8,000.00 බැගින් වූ වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බදාදා (5) ළිඳවැව දුම්මින්නේගම ප්‍රජා ශාලාවේදී පවත්වනු ලැබීය.
06th April 2023 18:45:43 පැය
52 වන පාබල සේනාංකයේ භටපිරිස් වෙත උතුරු එළුතුමඩුවාල් ශ්‍රී ඝානදුර්ගා අම්මාන් කෝවිලේ හින්දු පූජකතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව අප්‍රේල් මස මුලදී පැවැත්වීමට නියමිත පූජා උත්සවයන්ට පෙර එම කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (4) දින පවත්වන ලදී.
06th April 2023 18:30:43 පැය
එළඹෙන මහ සිකුරාදා දින සහ පාස්කු ඉරුදින සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ‘ශාන්ත ජෝන් ඩාල් බොස්ටෝන්’ (St. John Dal Bastone ) දේවස්ථානයේදී ක්‍රිස්තුස් වහන්සේ වෙත ‘පාද නමස්කාරය සහ කොමිසන් කිරීම’ පිළිබිඹු කරන යාඥා මෙහෙයක් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ දේවගැතිතුමන්ලාගේ මූලිකත්වයෙන් පසුගිය අඟහරුවාදා (04) දින පවත්වනු ලැබූහ.
04th April 2023 17:45:32 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයේ භටපිරිස් එක්සත් ජනපදයේ ‘State Island Buddhist Centre’ මධ්‍යස්ථානයේ පූජ්‍ය කුඹල්ඔළුවේ විමලජෝති හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත රුපියල් මිලියන 3 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ පරිගණක බෙදාදීමේ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
04th April 2023 17:15:32 පැය
අකුරේගොඩ අභිනවරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කපුගම ධම්මවංශ හිමිපාණන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා ජාතික...
04th April 2023 17:00:32 පැය
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකය සහ ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ඒකාබද්ධව මාර්තු මස 30 සහ 31 දෙදින තුළ මහියංගන රජ මහා විහාරස්ථාන පරිශ්‍රයේදී ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීය.
02nd April 2023 22:26:54 පැය
යුද්ධ හමුදාවේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය මත 143 වන බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් ගිරිඋල්ල, මැද්දේපොල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් ප්‍රතිසංස්කරණය කර මාර්තු මස 28 දින පැවති කෙටි උත්සවයකදී පාසල් බලධාරින් වෙත පවරාදුන්හ.