Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2023 20:45:02 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ සමාජ සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ 241 වන පාබල බලසේනා බලප්‍රදේශයට අයත් 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ එම පවුල්වල අධ්‍යපනය ලබන පාසල් සිසුසිසුවියන් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ සමාජසත්කාරක වැඩසටහනක් අක්කරෙයිපත්තුව විජේරාම විහාරස්ථානයේදී පසුගිය බදාදා (05) දින පවත්වනු ලැබීය .

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ සම්බන්ධීකරණයෙන් සමස්ත ලංකා වෘත්තීය ඡායාරූපශාලා හිමියන්ගේ සංගමයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත එම ඒකකයේ භටපිරිස් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධනික පතිරත්න මෙම වැඩසටහන අධීක්‍ෂණය කරමින් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

වැඩසටහනේදී ප්‍රතිලාභීන් වෙත රු. 7,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක ඇසුරුම් 34 ක් සහ රු. 2,600.00 වටිනාකමකින් යුත් පාසල් උපකරණ ඇසුරුම් 30 ක් බෙදාදුන් අතර, අනතුරුව ඔවුන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමනු ලැබීය.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාවට 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් පුබුදු හෙටිආරච්චි, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රතිලාභීන් සහභාගී වූහ.