09th April 2023 20:05:49 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (06) දින අවුරුදු උත්සවයක් උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය.
රට හරහා දිවීම, ග්‍රීස් ගහේ නැගීම, කොට්ට පොර, කඹ ඇදීම ආදී සම්ප්‍රදායික ගැමි ක්‍රීඩා රැසක් මෙම අලුත් අවුරුදු උත්සවයේදී පවත්වනු ලැබූහ. තවද, ගැමි ප්‍රදේශයන්හි පිහිටි ගම්මුලාදෑනිගේ නිවහන (ආරච්චිල වලව්ව) මෙම උත්සවයේදී වඩාත් කැපී පෙනුණු අතර, එහි ගැමි ගෙදර, කඩමණ්ඩිය සහ තවත් බොහෝ සාම්ප්‍රදායික අංග ඇතුලත් විය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21,54,56,62 සහ 65 යන පාබල සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද, බලසේනා සහ ඒකක නියෝජනය කරමින් යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු වල නිලධාරීන් සහ සෙසුනිලයින් සිය පවුල්වල සාමාජිකයින් සමඟින් මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සහභාගී වූහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගී වූ මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත ‘Russle Hein’ ක්‍රීඩා පිටියේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී දනූෂා වීරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අලුත් අවුරුදු උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (06) දින පවත්වනු ලැබීය.
අවුරුදු උත්සවය සඳහා කොට්ට පොර, කඹ ඇදීම, විකට ඇඳුම් තරඟය ඇතුළු සාම්ප්‍රදායික ක්‍රීඩා රැසක් ඇතුලත් වූ අතර, උත්සවයට පැමිණ සිටි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ආරාධිතයන් විසින් ජයග්‍රාහකයින් වෙත හිමි ත්‍යාග ප්‍රදානය කිරීම සිදු කරන ලදී.
ශ්‍රී ලංකා පාබල හමුදා අලුත් අවුරුදු උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සහභාගි වූහ