28th April 2023 19:04:22 පැය
වල්ලිපුනම්, ඉද්දක්කාට්ටු ප්‍රදේශයේ දෙමාපියන් සහ සිවිල් වැසියන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 681 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉද්දක්කාට්ටු පාසලේ පන්ති කාමරවල පවතින තදබදය අවම කිරීම සඳහා අමතර පන්ති කාමරයක් ඉදිකරනු ලැබීය.
28th April 2023 19:01:28 පැය
අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගියදා කඩාවැටුණු බත්තරමුල්ල, අරුප්පිටිය ශ්‍රී ශාන්ති යෝගාශ්‍රම විහාරස්ථානයේ අඩි 60 ක් දිගැති අඩි 20 ක් උස රැඳවුම් බැම්මක එක් පැතිකඩක් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 144 පාබල බලසේනාවේ අධීක්ෂණය මත 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම ලබාදුන්හ.
27th April 2023 17:50:19 පැය
18 ගැමුණු හේවා බළකාය වෙතින් අප්‍රේල් මස 20 දින වෙල්ලස්ස සුභාග්‍යා විද්‍යාල පරිශ්‍රයේදී විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ.
26th April 2023 18:14:48 පැය
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව හැටන් නැෂනල් බැංකුව වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත කිලිනොච්චි, කරියලනාගපද්දුවාන් දමිළ මිශ්‍ර පාසල, අක්කරායන්කුලම් මහා විද්‍යාලය සහ සෙල්ලියතිව් දමිළ පාසලේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන සිසු සිසුවියන් 300 දෙනෙකු වෙනුවෙන් අභ්‍යාස පොත්, ලිපි ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (අප්‍රේල් මස 23) දින එම පාසල් පරිශ්‍රයන්හිදී ක්‍රියාත්මක කෙරිණි.
26th April 2023 18:10:52 පැය
1 වන බලකාය යටතේ ස්ථාපිත 58 පාබල සේනාංකයට අයත් 581 පාබල බලසේනාවේ භටපිරිස් හැටන් දමිළ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 100 දෙනෙකු වෙනුවෙන් රුපියල් 3000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් අප්‍රේල් මස 25 දින සංවිධානය කරනු ලැබීය.
26th April 2023 17:41:10 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 සේනාංකයට අයත් 663 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (අප්‍රේල් මස 21) දින කිලිනොච්චිය දොන් බොස්කෝ පෙරපාසල් පරිශ්‍රයේදී එහි සිසු සිසුවියන් වෙත කෙටි ආහාර පිරිනැමීමූහ. එමෙන්ම, කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව ජල පිරිපහදු ඒකකය ද මීට සමගාමීව විවෘත කරනු ලැබීය.
25th April 2023 18:01:20 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවේ සහ 16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (22) දින කරුවලගස්වැව තබ්බෝව පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී එම ප්‍රදේශයේ ගර්භනී මාතාවන් සහ දරු දැරියන් 50 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
25th April 2023 17:56:56 පැය
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංක මුලස්ථානය වෙතින් පසුගිය බදාදා (19) දින මහනුවර ජාතික රෝහලේ ගර්භනී කාන්තාවන් 200 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
25th April 2023 17:54:29 පැය
අප්‍රේල් මස 22 දිනට යෙදෙන මිහිතල දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ භටපිරිස් යාපනය ප්‍රදේශයේ පිහිටි ගුරුනගර් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරනු ලැබීය.
25th April 2023 17:46:58 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් එම මූලස්ථානයේ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු නාවික, ගුවන් හමුදා සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ’ වැඩසටහන සඳහා බෙලිහුල්ඔය භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති බලංගොඩ රාධ හිමියන් විසින් පසුගිය සඳුදා (24) දින ධර්ම දේශනාවක් සිදුකරනු ලැබීය.