24th April 2023 18:20:00 පැය
සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් සංවිධානය කරනු ලැබු මෙම සම්ප්‍රදායානූකූල අලුත් අවුරුදු උත්සවයක් ඉකුත් සෙනසුරාදා (22) දින පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු උත්සවය සඳහා සිවිල් වැසියන් විශාල පිරිසක් අත්වැල් බැදගත්හ.
24th April 2023 18:19:00 පැය
1 බලකායේ බලකාධිපති සහ අධ්යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්. යූ. එම්. එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි සහ එම බලකායේ සියලුම නිලයන් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ සියලුම ජනවාර්ගික ප්‍රජාවන් අතර සිවිල්-හමුදා සහයෝගීතාවය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් සිකුරාදා (21) දින කිලිනොච්චියේ මුස්ලිම් ජනතාව සමග කිලිනොච්චියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ඔවුන්ගේ උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍රය ඉටු කිරීමේ උත්සවයට සහභාගී වූහ.
21st April 2023 21:38:47 පැය
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සියලුම ජනවාර්ගික ප්‍රජාවන් අතර සිවිල්-හමුදා සහයෝගීතාවය වර්ධනය කිරීම සහ සුහදතාවය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරට අයත් 22 පාබල සේනාංකයේ 221 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මුස්ලිම්වරුන්ගේ උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍රය ඉටු කිරීමේ උත්සවය වෙනුවෙන් ආහාරපාන ලබාදෙමින් දායකත්වය දැක්වීය.
21st April 2023 21:35:04 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 681 පාබල බලසේනා මූලස්ථානයට අනියුක්තව සේවයේ නියුතු භටපිරිස් අලුත් අවුරුදු දින (අප්‍රේල් මස 14) එම බලසේනාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 11 දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී.
20th April 2023 20:32:13 පැය
හිටපු ලෝකප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා සහ අනුරාධපුර SOS ළමා ගම්මානයේ අධ්යක්ෂ දිවාකර රත්නදුරෙයි මහතා එ්කාබද්ධව ලබාදුන් අනුග්‍රාහකත්වය මත වී/රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 90 ක් සහ වෙහෙරතැන්න, මරදමඩුව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 100 කට අධික පිරිසක් වෙත දිරි දීමනා වශයෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (අප්‍රේල් මස 12) දින ක්‍රියාත්මක කෙරිණි.
20th April 2023 20:27:00 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව කායන්කර්නි ගම්මානයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත රුපියල් 4000/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 23 ක් පසුගිය සෙනසුරාදා (15) දින ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් බෙදාදෙනු ලැබීය.
19th April 2023 20:01:14 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි ඉල්ලීම මත 11 ගැමුණු හේවා බලඇණියේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් වෙහෙරතැන්න ප්‍රදේශයේ ජීවත්වන අඩුආදායම්ලාභි පවුල් සහ පාසල් සිසුන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය බදාදා 2023 අප්‍රේල් මස 5 දින වවුනියාව, වෙහෙරතැන්න ග්‍රාම නිලධාරී වසමේදී පවත්වන ලදී.
19th April 2023 19:57:05 පැය
5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීම පරිදි එම රෝහලේ භාවිතයෙන් ඉවත්කර තිබූ රෝද පුටු 35ක් අලුත්වැඩියා කර ඉකුත් ඉරිදා (අප්‍රේල් 16) දින එම රෝහලේ කාර්ය මණ්ඩලය වෙත භාරදෙනු ලැබීය.
19th April 2023 19:53:12 පැය
යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සංකල්පයකට අනුව සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය නිමිති කරගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම මූලස්ථානයේදී පැවැත්විණි.
19th April 2023 19:44:33 පැය
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු භටපිරිස්හි මූල්‍ය අනුග්‍රාහකත්වය මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 28 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබීය.