14th July 2023 21:00:00 පැය
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්තාපිත 52 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.එම්.බී යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ලබාදුන් උපදෙස් අනුව පසුගිය බදාදා (ජුලි මස 12) දින උතුරු එළුතුමඩ්ඩුවාල්, ශ්‍රී ඥානදුර්ගා අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී.
14th July 2023 00:58:42 පැය
මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු, පෙරිල්ලවේලි ග්‍රාම නිලධාරී වසමේ අක්කර තුන්සිය පනහකට අධික භූමි ප්‍රමාණයක පැතිරී ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා සුවිශේෂී වූ නෙළුගල ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානය බෞද්ධ ප්‍රතිමා 16 කට අධික ප්‍රමාණයකින් සහ නටබුන් වී ඇති ප්‍රතිමා, ලෙන්, සෙල්ලිපි, පොකුණු, ස්මාරක ආදියෙන් සමන්විතය. මෙහි ක්‍රිස්තු පූර්ව 2 සහ 3 වැනි සියවස්වලට අයත් අතීත ශ්‍රී විභූතිය ගෙනහැර පාන ස්තූපයක් සහිත බෞද්ධ නටබුන් ඇති බැවින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.
14th July 2023 00:27:20 පැය
අම්පාර ප්‍රදේශයේ පිහිටි දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ 2 වන අදියර පසුගිය සඳුදා (ජුලි මස 09) දින ආරම්භ කරනු ලැබූ අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව කරගෙන යාම වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් පසුගිය ඉරිදා (ජුලි මස 09) දින සන්ධ්‍යාවේ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්විණි.
11th July 2023 22:21:28 පැය
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනාවේ භටපිරිස් කෑගල්ල මහජන බැංකුවේ ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාලය වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත දරුවන් තිදෙනෙකුගෙන් යුත් වැන්දඹු කතතගේ දුෂ්කරතාවයන් පිළිබඳ දැනුවත්වීමෙන් අනතුරුව එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් රඹුක්කන ප්‍රදේශයේ නව නිවසක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබීය. හිසට සෙවණක් නොමැතිව දරුවන් තිදෙනෙකු සමඟ දිවිගෙවූ කේ.ඒ. නිල්මිණි දිල්රුක්‍ෂි මහත්මිය වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා 611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.
11th July 2023 22:13:49 පැය
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ භටපිරිස් වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සුහදත්වය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වවුනියාව වෙළඳ සංගමයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම සංගමය වෙනුවෙන් නව දෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරනු ලැබීය.
11th July 2023 20:59:14 පැය
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයට අයත් 122 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 33 වන සංවත්සර දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (7) දින තිස්සමහාරාම, කාවන්තිස්සපුර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
10th July 2023 23:36:23 පැය
23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 231 පාබල බලසේනාවට අයත් 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 53 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින හබරණ, ගල්ඔය ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් නිවාදැමීමට සිය සහයෝගය ලබාදුන්හ. ලැව් ගින්න පැතිරීමත් සමඟ හබරණ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් 231 පාබල බලසේනාවේ භටපිරිස් සහ ප්‍රදේශයේ අනෙකුත් පිරිස් මෙම ගින්න නිවාදැමීම සඳහා අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.
10th July 2023 23:24:15 පැය
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 පාබල බලසේනාවට අයත් 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින කැලණිය රජමහා විහාරස්ථානයේ කිරි අම්මාවරුන් 1000 කට අධික පිරිසක් වෙනුවෙන් කිරි ආහාර පූජාකරනු ලැබීය.
09th July 2023 23:00:53 පැය
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ජෝර්ජ් ගුණරත්න අක්‍ෂි පරීක්‍ෂණායතනයේ වෛද්‍යවරුන්ගේ සහයෝගීතාවයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන වැසියන් සඳහා ජංගම අක්‍ෂි සායනයක් සහ නොමිලේ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (ජූලි මස 02) දින ඔඩ්ඩුසුඩාන් ජාතික පාසල් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී දියත්කරන ලදී.
09th July 2023 22:34:57 පැය
අධික වර්ෂාපතනය සහ සුළං තත්ත්වයත් සමඟ ජුලි මස 06 වන දින ගමනාගමන කටයුතුවලට සිදු වූ බාධා, නිවාස සහ ගොඩනැගිලි හානි, ගස් කඩා වැටීම් ආදී ව්‍යයසනයන් සහ විවිධ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 8 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් 60 කට අධික පිරිසක් සිය දායකත්වය දක්වමින් පැය කිහිපයක් ඇතුළත එම සුන්බුන් ඉවත් කර, අලුත්වැඩියා කටයුතු සිදුකර මුදවාගැනීමේ කටයුතු ද සිදුකරනු ලැබූහ. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දාගොන්න, කඩවල, හල්ගහවෙලවත්ත, කටුවැල්ලේගම, බෝබුගම්මන සහ පලුගහවෙල යන ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් නිවාස 73 කට සහ විහාරස්ථාන දෙකකට හානි සිදු විය.