14th July 2023 00:27:20 Hours
අම්පාර ප්‍රදේශයේ පිහිටි දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ 2 වන අදියර පසුගිය සඳුදා (ජුලි මස 09) දින ආරම්භ කරනු ලැබූ අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව කරගෙන යාම වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් පසුගිය ඉරිදා (ජුලි මස 09) දින සන්ධ්‍යාවේ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් මහා සංඝරත්නය වෙත දැහැත් වට්ටියක් පිරිනමමින් පිරිත් සජ්ඣායනය සඳහා ආරාධනා කරනු ලැබීය.
දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමිපාණන්ගේ ප්‍රධාත්වයෙන් පැවති පිරිත් සජ්ඣායනාව සඳහා 22, 23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ බැතිමතුන්ගේ රැසක් සහභාගී වූහ.