24th July 2023 18:13:43 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය...
20th July 2023 21:37:30 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 7 සහ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 140 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හබරණ, තලපත්කන්ද, හතරැස්කොටුව ප්‍රදේශයේ පසුගිය බදාදා (ජූලි මස 19) දින ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා සිය දායකත්වය දැක්වූහ. මෙම ලැව්ගින්න විශාල ගස් සහ පඳුරු වලින් සමන්විත වනාන්තරයේ වර්ග කිලෝමීටර් 7 ක් පුරාවට පැතිර ගොස් තිබිණි.
20th July 2023 21:36:30 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 513 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එම ප්‍රදේශයේ දානපතියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත යාපනය, වඩ්ඩුකාර්තිකන්‍යා ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව පන්ති කාමරය 2023 ජූලි මස 17 දින එම සිසු සිසුවියන් වෙත පවරාදුන්හ.
20th July 2023 12:55:33 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපන් මාතලේ ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද නව නිවස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් බදාදා (ජූලි මස 19) දින පැවති උත්සවයකදී එම පවුලේ සාමාජිකයන් වෙත පවරා දෙන ලදී.
20th July 2023 12:46:00 පැය
මාතලේ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ තම අධ්‍යාපනය හැදැරු පාසල් මාතාවට කෘතගුණ...
19th July 2023 19:12:51 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් වැලිකන්ද ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශවල ජීවත් වන අඩුආදායම් ලාභී පවුල්වල පුද්ගලයින්ගේ අක්ෂි රෝගාබාධයන් සැලකිල්ලට ගනිමින් ඇස් කණ්නාඩි බෙදාදීමේ ජංගම අක්ෂි සායනයක් පසුගිය අඟහරුවාදා (ජුලි මස 18) දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
19th July 2023 18:56:18 පැය
චීන බෞද්ධ විහාරස්ථානයේ සහ චීන මහජන සමූහාණ්ඩුවේ බෞද්ධ බැතිමතුන්ගේ සහ චීන බැතිමතුන්ගේ අනුග්‍රාහකත්වය මත අක්කරෙයිපත්තුව ධර්මරතන සිංහල මහා විද්‍යාලය සහ අක්කරෙයිපත්තුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන දම්රුවන්...
16th July 2023 18:39:46 පැය
යාපනය අර්ධද්වීපයේ රාජකාරියෙහි නියුතු ආරක්ෂක අංශ සාමාජිකයින් එම ප්‍රදේශයේ රෝහල්වල ප්‍රථිකාර ගනු ලබන රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත 2021 ජූලි මස 29 දින සිට 2023 අප්‍රේල් මස 21 දක්වා යුද්ධ හමුදා සාමාජිකයින් 1733 දෙනෙකු රුධිරය පරිත්‍යාග කර ඇත.
14th July 2023 21:30:21 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාවේ භටපිරිස් සිය බලප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල වැසියන්ගේ සෞඛ්‍ය ප්රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය ඉරිදා (ජුලි මස 09) දින ජංගම වෛද්‍ය සායනයක් සහ වාකරේ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් රුපියල් 200,000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ පොත් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
14th July 2023 21:07:20 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 61 පාබල සේනාංකයේ භටපිරිස් කෑගල්ල උඩමකඩවර කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 50 දෙනෙකු වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජූලි මස 01) දින එම පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.