11th July 2023 20:59:14 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයට අයත් 122 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 33 වන සංවත්සර දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (7) දින තිස්සමහාරාම, කාවන්තිස්සපුර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
එම ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු වන ගංගා කුමාරි පද්මසිරි මහත්මියගේ අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන යටතේ 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පාසල් සිසු සිසුවියන් 350 කට අධික පිරිසක් වෙනුවෙන් දිවා ආහාරය පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.පී.ඒ. පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.