27th July 2023 20:05:56 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් මාතර, නිල්වලා කනිෂ්ඨ විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 2023 ජූලි මස 20 සහ 21 දෙදින තුළ එම පාසලේ අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබීය.
27th July 2023 20:00:56 පැය
වැටඅද්දර, ඥාණකන්ද ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 141 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 ක්ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ඉකුත් ඉරිදා (ජූලි මස 23) දින එම විහාරස්ථානයේ අක්කර 06 ක පමණ භූමි ප්‍රදේශයක දුර්ලභ ඖෂධ පැළෑටි සහිත ඔසු උයනක් සකස්කර දෙන ලදී.
26th July 2023 20:03:06 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ සාමාජිකයන් වෙත ලද තොරතුරකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් 2023 ජුලි මස 22 සෙනසුරාදා දින උදෑසන කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝන්ගහමංකඩ ප්‍රදේශයේ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කළහ.
26th July 2023 19:56:08 පැය
ඕස්ට්‍රේලියාවේ පිහිටි ‘ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා මිත්‍රත්ව’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ භටපිරිස් එම සේනාංක බලප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල වැසියන් වෙත සූර්ය බල විදුලි බල්බ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (22) දින මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
26th July 2023 19:37:56 පැය
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයන් ජුලි මස 29 දිනට යෙදෙන එම ඒකකයේ 142 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය සඳුදා (ජූලි මස 24) දින මහරගම ‘අපේක්ෂා’ රෝහලේ රෝගාතුරුව ප්‍රතිකාර ලබන කුඩා ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් උපකරණ පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
25th July 2023 21:20:12 පැය
ප්‍රසිද්ධ පරිත්‍යාගශීලියෙකු වන වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මඩකලපුව පළාත් ශ්‍රී ලංකා මාධ්‍ය සංසදයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකය වෙතින් මඩකලපුව, ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල...
25th July 2023 21:09:37 පැය
ස්වාභාවික විපත්වලට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය දක්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මහනුවර සහ බදුල්ල ප්‍රදේශවල ස්ථාපිත 111 සහ 112 පාබල බලසේනාවල භටපිරිස් පසුගිය දින කිහිපය තුළ මධ්‍යම සහ ඌව පළාත්වල ඇති වූ ලැව්ගිනි මැඩපැවැත්වීමට සිය දායකත්වය ලබාදුන්හ.
25th July 2023 21:03:03 පැය
යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 512 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ පිහිටි 17 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින යාපනය, ගුරුනගර් බටහිර ප්‍රදේශයේ පිහිටි පෙර පාසලේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පවුල්වල දරු දැරියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
25th July 2023 21:02:45 පැය
කොස්ගම ප්‍රෙද්ශයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන්...
24th July 2023 18:43:25 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ගාල්ල, උණවටුන ඓතිහාසික ‘යටගල’ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (20) දින ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.