Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th July 2023 23:00:53 Hours

64 සේනාංකයේ භටපිරිස්වල මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ජෝර්ජ් ගුණරත්න අක්‍ෂි පරීක්‍ෂණායතනයේ වෛද්‍යවරුන්ගේ සහයෝගීතාවයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන වැසියන් සඳහා ජංගම අක්‍ෂි සායනයක් සහ නොමිලේ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (ජූලි මස 02) දින ඔඩ්ඩුසුඩාන් ජාතික පාසල් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී දියත්කරන ලදී.

මෙම වැඩසටහන 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව් ආර්එස්පී ගේ සංකල්පයකට අනුව භටපිරිස් විසින් ආරම්භ කරන ලදී. මෙම පරිත්‍යාග වැඩසටහනේදී අක්‍ෂි වෛද්‍යවරුන් විසින් සිවිල් වැසියන්ගේ ඇස් පෙනීම පරීක්‍ෂා කර රුපියල් 3,60,000/= ක වටිනාකමකින් යුත් ඇස් කණ්ණාඩි 200 ක් නොමිලේ පරිත්‍යාග කරන ලදී.

පරිත්‍යාග වැඩසටහන සඳහා 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ජෝර්ජ් ගුණරත්න අක්‍ෂි පරීක්‍ෂණායතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලක්‍ෂ්මන් අබේගුණරත්න මහතා සහභාගී වූහ. තවද එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.