10th July 2023 23:36:23 Hours
23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 231 පාබල බලසේනාවට අයත් 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 53 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින හබරණ, ගල්ඔය ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් නිවාදැමීමට සිය සහයෝගය ලබාදුන්හ. ලැව් ගින්න පැතිරීමත් සමඟ හබරණ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් 231 පාබල බලසේනාවේ භටපිරිස් සහ ප්‍රදේශයේ අනෙකුත් පිරිස් මෙම ගින්න නිවාදැමීම සඳහා අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.
යුද්ධ හමුදා භටපිරිස්, අඩවි වන නිලධාරින්, ගම්වාසීන් සහ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ සහය ඇතිව පැය කිහිපයක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට හැකියාව ලැබිණි. 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස්. කුමාරසිංහ ගේ අධීක්‍ෂණය මත මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සිදුකෙරිණී.