14th July 2023 21:00:00 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්තාපිත 52 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.එම්.බී යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ලබාදුන් උපදෙස් අනුව පසුගිය බදාදා (ජුලි මස 12) දින උතුරු එළුතුමඩ්ඩුවාල්, ශ්‍රී ඥානදුර්ගා අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී.
ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් සහ දමිළ ප්‍රජාව අතර සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 52 පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සමඟ සම්බන්ධ විය.