04th August 2023 01:00:36 පැය
උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල නිවාස නොමැති පවුල් සඳහා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් දැනට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘති යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 682 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3(ස්වෙඡ්චා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත ඉදිකරදුන් නව නිවස පසුගිය සඳුදා (ජූලි මස 31) දින එම නිවාස ලාභීන් වෙත පවරා දෙන ලදී.
04th August 2023 00:47:13 පැය
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මිරිසුවිල් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින සිදු කරන ලදී.
04th August 2023 00:40:13 පැය
කොළඹ රාජකීය විද්‍යාලය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථාන - බටහිර යටතේ පිහිටි 14 පාබල සේනාංකයේ 142 පාබල බලසේනා බලප්රද්ශයේ ස්ථාපිත21 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 7 ගැමුණු හේවා බලකාය, 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7( ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීණ සරඹ උපදේශකවරුන් විසින් එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල වෙනුවෙන් සිසුන් සඳහා සරඹ පුහුණු වැඩසටහනත් ජූලි මස 17 දින සිට ජූලි මස 27 දින දිවා පවත්වනු ලැබීය.
04th August 2023 00:30:13 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයේ 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 (ස්වෙඡ්චා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඌරුබොක්ක පොලිස් ස්ථානය විසින් සිදුරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින උදෑසන මාතර දිස්ත්‍රික්කයේ කුරුතොටකන්ද, ගින්නලිය රක්ෂිතයේ හටගත් ලැව්ගින්නක් මැඩපැවැත්වීමට කඩිනමින් ක්‍රියා කළහ.
04th August 2023 00:13:28 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව සමඟ ඒකාබද්ධව ‘දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘මනුසත් දෙරණ’ ප්‍රජා සත්කාරක වැඩසටහනේ 61 වන වැඩසටහන උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළ පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජුලි මස 29) දින ක්‍රියාත්මක කරන ලදී.
29th July 2023 18:17:38 පැය
වසර කිහිපයකට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් වන්නි බල ප්‍රදේශයේ 542 පාබල බලසේනාවේ බලසේනාධිපති වශයෙන් රාජකාරී කරමින් සිටියදී මන්නාරම ප්‍රදේශයේ ඉදිකළ ‘විකුම්පුර’ ආදර්ශ ගම්මානයේ ජීවත්වන අඩුආදායම් ලාභී පවුල් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් එම බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි හමුදා සාමාජිකයන්ගේ අනුග්‍රාහකත්වයෙන් සිදුකරන ලදී.
29th July 2023 18:11:47 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ 26 වන සංවත්සරය නිමිත්තෙන් කිරිමිච්චෝඩේ, ජී.ටී.එම් පාසලේ සිසුසිසුවියන් 30 දෙනෙකු සඳහා පාසල් පොත්, උපකරණ බෙදාදීමේ ප්‍රජා මූලික වැඩසටහනක් සහ දිවා භෝජන සංග්‍රහයක් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
28th July 2023 18:51:30 පැය
මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අන්තරායන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 542 පාබල බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් සිය බලප්‍රදේශයේ පාසල් ගුරු භවතුන් සහ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය අඟරුවාදා (ජූලි මස 25) දින මන්නාරම ප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
28th July 2023 18:28:07 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බදාදා (ජුලි මස 26) දින පලෙයි ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
27th July 2023 20:14:56 පැය
ඩිජිටල්කරණයත් සමඟ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුකරලීම සඳහා සුභසාධන ව්‍යාපෘතියක් දියත් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු තෝරාගන්නා ලද යුද්ධ හමුදා සහ සිවිල් සාමාජිකයින් 55 දෙනෙකුගේ දරුවන් සඳහා ටැබ් යන්ත්‍ර ප්රදානය කරන ලදී.