Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සිවිල් ක්‍රියාකාරකම්

  • උරුම්පිරායි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලකට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක්

    07th July 2023 21:19:43 පැය

    උරුම්පිරායි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලකට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක්

    විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන උතුරේ සිවිල් ජනතාව වෙනුවෙන් රජයේ මුදල් වැය නොකර පුද්ගලික ආයතන විසින් ඉදිකරදුන් නිවාස වාර්තා සියල්ල අභිබවා යමින් යාපනය අර්ධද්වීපයේ යුද්ධ හමුදා භටපිරිස්, අනුග්‍රාහකයන්ගේ සහය ඇතිව වාර්තාගත 770 වැනි නව නිවස ඉදිකර අවසන් කරන ලදී. උරුම්පිරායි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගවෙන තවත් පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබු මෙම නව නිවස ඉකුත් අඟහරුවාදා (2023 ජූලි 4) දින පැවැති උත්සවයකදී නිවාසලාභීන් වෙත භාරදෙනු ලැබීය.

  • සිංහපුර විහාරස්ථානයේ ‘සංඝාවාසය’ යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදි කෙරේ

    07th July 2023 21:00:43 පැය

    සිංහපුර විහාරස්ථානයේ ‘සංඝාවාසය’ යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදි කෙරේ

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ, 233 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 9 ක්‍ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් දික්කැලේ ඤාණප්‍රදීපාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව සිංහපුර ශ්‍රී ගැමුණු විහාරයේ "සංඝාවාසය" ඉදිකර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත පසුගිය ඉරිදා (ජුලි 02) දින පැවති උත්සවයකදී භාරදෙනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ. ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී උපදෙස් මත ‘අත හිත’ මානුෂීය ව්‍යාපෘතියේ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණය ඇතිව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන චින්තක අබේසේකර මහතා සහ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන තේජා කපුරුගේ මහත්මියගේ අනුග්‍රහය ඇතිව මෙම සංඝාවාසය ඉදිකරන ලදී.

  • 231 පාබල බලසේනාව පිහිනුම් ක්‍රීඩකයාගේ වික්‍රමාන්විතයට උපහාර දක්වයි

    06th July 2023 22:01:44 පැය

    231 පාබල බලසේනාව පිහිනුම් ක්‍රීඩකයාගේ වික්‍රමාන්විතයට උපහාර දක්වයි

    මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ තවේන්ද්‍රන් මධුෂිගන් නමැති 20 හැවිරිදි තරුණයා පසුගියදා ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා ඉන්දීය සාගරය හරහා පිහිනා මෙම කඩඉම තරණය කළ 4 වැනි පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීය.

  • යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් කෝකිලායි ප්‍රදේශයේ සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වයි

    06th July 2023 21:51:27 පැය

    යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් කෝකිලායි ප්‍රදේශයේ සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වයි

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් සම්බන්ධීකරණයෙන් කොළඹ ප්‍රදේශයේ දානපතියන් සහ පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රහකත්වය මත ‘විශ්ව බෞද්ධාලෝක’ දහම් පාසලේ සිසුසිසුවියන්ට සහ ‘සිඟිත් දිවිහුරු’ පෙර පාසලේ දරු දැරියන් වෙත පානීය ජල අවශ්‍යතා සඳහා ජල ටැංකි පහක් සහ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් පොත්පත් ඇතුළු පාසල් උපකරණ තොගයක් පසුගිය ඇසළ පුර පසළොස්වක පොහොය දින (ජූලි මස 03) කෝකිලායි ‘ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී’ බෙදාදෙන ලදී.

  • අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කෙරේ

    06th July 2023 21:45:43 පැය

    අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කෙරේ

    මහා සංඝරත්නයේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව ජුලි 2 ඉරිදා බට්ටිකාමඩුව, කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යය රාජාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කරන ලදී.

  • චීන බෞද්ධ ප්‍රජාවගේ අනුග්‍රාහකත්වය මත ලබාදුන් වියළි ආහාර සලාක පාර්සල් යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් බෙදාදෙයි

    05th July 2023 20:53:15 පැය

    චීන බෞද්ධ ප්‍රජාවගේ අනුග්‍රාහකත්වය මත ලබාදුන් වියළි ආහාර සලාක පාර්සල් යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් බෙදාදෙයි

    චීන බෞද්ධ ප්‍රජාවගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව 24 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් අම්පාර, මහඔය, බණ්ඩාරදූව සහ ගෝනගොල්ල ප්‍රදේශයන්හි පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 250 ක් අතර රු.5100.00 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වියලි ආහාර සළාක පාර්සල් බෙදා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් එම ප්‍රදේශවල පිහිටි ශ්‍රී ඤාණවිජයලෝක, ශ්‍රී ගෝතම සහ ශ්‍රී විමලාරාම යන විහාරස්ථානයන්හිදී පසුගිය ඉරිදා (ජුලි මස 02) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

  • ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් හෝමාගම ප්‍රදේශයේ පැවති බත් දන්සැල සඳහා සහයෝගය ලබාදෙයි

    05th July 2023 20:45:59 පැය

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් හෝමාගම ප්‍රදේශයේ පැවති බත් දන්සැල සඳහා සහයෝගය ලබාදෙයි

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පසුගිය සදුදා (ජූලි මස 03) දින හෝමාගම, මාවතගම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වූ බත් දන්සැල සඳහා සහයෝගය ලබාදෙන ලදී. ‘මාවතගම තරුණ කැළ’ සංවිධානය විසින් ‘K.D Construction Pvt. Ltd’ ප්‍රද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව ලබාදුන් බත් දන්සැලෙහි අතුරුපස ලෙස අයිස්ක්‍රීම් දන්සලක්ද පවත්වනු ලැබීය.

  • 144 පාබල බලසේනාවේ භටපිරිස් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනකට එක්වෙයි

    05th July 2023 20:30:54 පැය

    144 පාබල බලසේනාවේ භටපිරිස් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනකට එක්වෙයි

    ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ලබාදුන් උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (සෙව්) ශ්‍රී ලංකා ලංකා පාබල හමුදාවේ නිලධාරියෙකු සහ දස දෙනෙකුගෙන් යුත් භටපිරිසක් එක්ව පසුගිය සෙනසුරාදා (ජුලි මස 01) දින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පවත්වන ලද ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා එක් වූහ.

  • 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් විහාරස්ථානයක් ප්‍රතිසංස්කරණය කරයි

    05th July 2023 20:24:12 පැය

      15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් විහාරස්ථානයක් ප්‍රතිසංස්කරණය කරයි

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ ඇති 142 පාබල බලසේනාවට අයත් 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් මීගොඩ වටරැක ශ්‍රී පුණ්‍යාලෝක විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත්කරනු ලැබීය.

  • යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් ගාල්ල සම්බෝධි නිවාසයේ දරුවන් වෙත දිවා භෝජන සංග්‍රහයක්

    05th July 2023 20:03:24 පැය

    යුද්ධ හමුදා භටපිරිස්  මූලිකත්වයෙන් ගාල්ල සම්බෝධි නිවාසයේ දරුවන් වෙත දිවා භෝජන සංග්‍රහයක්

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි සහ 2 (සෙව්) ගැමුණු හේවා බළකායේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් ගාල්ල සම්බෝධි නිවාසයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 56 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.