28th June 2023 22:21:40 පැය
කොස්ගමදී පවත්වන ලද ‘විරු අමාදහර’ බෞද්ධාගමික වැඩසටහන ‘ජය ටීවී’ මගින් විකාශය වූ අතර, ඒ සඳහා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 15 ඩ්‍රෝන රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයින් පසුගිය බදාදා (26) වන දින සිය දායකත්වය ලබාදෙන ලදී.
27th June 2023 21:43:47 පැය
68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 681 පාබල බලසේනාවට අයත් 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා...
27th June 2023 21:36:43 පැය
55 පාබල සේනාංකයේ සංකල්පයකට අනුව ආරම්භ කරනු ලැබු ඉංග්‍රීසි, දමිළ සහ සිංහල ඉගැන්වීමේ පාඨමාලා හදාරනු ලබන දමිළ සහ සිංහල සිසුන් එක්ව ඉදිරිපත් කරන...
26th June 2023 21:56:31 පැය
14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ...
26th June 2023 07:33:25 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පාද යාත්‍රාවේ නිරත බැතිමතුන් වෙනුවෙන් ජුනි මස 15 දින සිට 21 දින දක්වා කාලය තුළ යාල ජාතික වනෝද්‍යානය සහ කටගමුව පිවිසුමේ දී ඔවුන් වෙත අවශ්‍ය ආගන්තුක සත්කාරයන් සිදුකරනු ලැබීය.
24th June 2023 18:20:15 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසුනිලයන් 205 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා (ජුනි මස 13) දින නිලාවේලි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
23rd June 2023 20:21:37 පැය
ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයන්ට දායකත්වය ලබාදෙමින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවට අයත් 16 ගජබා රෙජිමේන්තුවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් සිදුකරනු ලබන සිවිල් සහයෝගීතා ව්‍යාපෘතීන් තවදුරටත් ප්‍රවර්ධනය කරමින් තබ්බෝව, ප්‍රදීපාගම ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ. නිවාසලාභී පවුල සතු දුෂ්කරතාවයන් පිළිබඳ 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් දැනුවත් වීමෙන් අනතුරුව මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
23rd June 2023 20:00:37 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්බන්ධීකරණය මත එක්සත් ජනපදයේ වෙසෙන රොෂාන් රාජප්පා මහතා විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත කල්ලඩි, මාවඩිචේනයි ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර පසුගිය බදාදා (ජුනි මස 21) දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභියා වෙත පවරාදෙනු ලැබීය.
23rd June 2023 19:55:37 පැය
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසු සිසුවියන් වෙත සහන සැලසීමේ ව්‍යාපෘතියට සමගාමීව හල්දුම්මුල්ල, අමිලගම ප්‍රදේශයේ වෙසෙන පාසල් සිසු සිසුවියන් 63 දෙනෙකු වෙත පාසල් පාවහන් සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජුනි මස 17) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
23rd June 2023 19:50:37 පැය
ත්‍රිකුණාමලය මහනගර සභා බලප්‍රදේශයේ පිහිටි කන්නියා ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයේ පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 22) දින සන්ධ්‍යාවේ 4.30 ට පමණ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා 22 පාබල බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ. ඒ සඳහා නාවික හමුදා භටපිරිස්, පොලිස් නිලධාරින්, ගිනි නිවන හමුදාවේ ගිනි නිවන භටයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය හිමිවූහ.