09th July 2023 22:34:57 Hours
අධික වර්ෂාපතනය සහ සුළං තත්ත්වයත් සමඟ ජුලි මස 06 වන දින ගමනාගමන කටයුතුවලට සිදු වූ බාධා, නිවාස සහ ගොඩනැගිලි හානි, ගස් කඩා වැටීම් ආදී ව්‍යයසනයන් සහ විවිධ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 8 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් 60 කට අධික පිරිසක් සිය දායකත්වය දක්වමින් පැය කිහිපයක් ඇතුළත එම සුන්බුන් ඉවත් කර, අලුත්වැඩියා කටයුතු සිදුකර මුදවාගැනීමේ කටයුතු ද සිදුකරනු ලැබූහ. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දාගොන්න, කඩවල, හල්ගහවෙලවත්ත, කටුවැල්ලේගම, බෝබුගම්මන සහ පලුගහවෙල යන ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් නිවාස 73 කට සහ විහාරස්ථාන දෙකකට හානි සිදු විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන සමඟ ඒකාබද්ධව යුද්ධ හමුදා භටපිරිස් දිවා රෑ නොබලා කටයුතු කරමින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ සහ මුදවාගැනීමේ කටයුතු සිදුකරනු ලැබූහ. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපති එක්ව මෙම සහන සැලසීමේ කටයුතු අධීක්‍ෂණය කරනු ලැබූහ.