10th July 2023 23:24:15 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 පාබල බලසේනාවට අයත් 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින කැලණිය රජමහා විහාරස්ථානයේ කිරි අම්මාවරුන් 1000 කට අධික පිරිසක් වෙනුවෙන් කිරි ආහාර පූජාකරනු ලැබීය.
යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් 50 කට අධික පිරිසක් මෙම පුණ්‍ය වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් විසින් මෙම පුණ්‍ය වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දායකත්වය නිරීක්‍ෂණය කරන ලදී.
මෙම පුණ්‍ය වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දායකත්වය සංවිධායකයින්ගේ ඇගයීමට ලක් විය.