2024-01-29 15:30:10
කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රතිසංස්කරණය කරන ලද කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 27) දින නිල වශයෙන් විවෘත කර එම රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන් වෙත භාරදෙන ලදී.
2024-01-14 17:58:56
අරලගංවිල ප්‍රදේශයේ ස්ථාපිත 12 ගැමුණු හේවා බලකා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිලධාරි නිවස්නය පසුගිය සඳුදා (ජනවාරි මස 01) දින විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් සහභාගී විය.
2024-01-10 18:44:06
541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී.වයි.සී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ උපදෙස් මත, එම බලසේනාවේ රාජකාරියෙහි නියුතු භටපිරිස්හි මානසික සුවතාවය උද්දීපනය කිරීම සඳහා විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදී.
2024-01-08 17:42:29
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි, ජංගම රාජකාරියෙහි නිරත
2024-01-05 16:22:28
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව රටේ පවතින බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම මේ විට සිදුකරමින් පවතී. ඊට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි කඳවුරු පරිශ්‍රය තුල ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත කිලෝවොට් 125 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 03) දින විවෘත කරන ලදී. මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මසකට කිලෝවොට් පැය 15000 ක විදුලියක් ජනනය කරන අතර, එමඟින් ලැබෙන ආදායමෙන් කොටසක් භටපිරිස්හි සුබසාධනය සඳහා වෙන් කරනු ලබයි.
2024-01-04 19:25:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් හි සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් එම බලකායේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් සුහද හමු කිහිපයක් යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්ෂ ආර්එස්පී ගේ උපදෙස් මත සංවිධානය කරන ලදී.
2024-01-04 19:06:13
68 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් පසුගිය දා යාපනය අර්ධද්වීපයේ දින දෙකක විනෝද චාරිකාවක නිරතවූහ. එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත දෙසැම්බර් මස 30 සහ 31 දෙදින තුළ මෙම විනෝද චාරිකාව සිදුකරනු ලැබීය.
2024-01-03 21:38:02
ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව එම රෙජිමේන්තුව වෙතින් ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් එප්පාවල, පහළ මාරගස්වැව, නොච්චියාගම ප්‍රදේශයේ වෙසෙන එම රෙජිමේන්තු සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 30) දින විවෘත කර නිවාසලාභියා වෙත භාරදෙනු ලැබීය.
2024-01-01 18:00:49
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් ගේ උපදෙස් මත පසුගිය බදාදා (දෙසැම්බර් මස 27) දින පුදුකුඩිඉරිප්පු ‘විජයග්‍රාහී ස්මාරකය’ යෙහි ආරක්ෂක රාජකාරීන්හි නියැලී සිටින භටපිරිස් සඳහා නව පෙර නිමි භට නිවාසයක් 68 පාබල සේනාංකයේ සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් ඉදිකරන ලදී.
2023-12-29 20:58:36
2 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් විසින් එම ඒකකයේ විශ්‍රාමික කාන්තා සෙබළිය වෙත පසුගිය සදුදා (දෙසැම්බර් මස 18) දින ඇයගේ නිවස වෙත ගොස් රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.