Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2024 18:00:49 Hours

පුදුකුඩිඉරිප්පු ‘විජයග්‍රාහී ස්මාරකය’ යෙහි ආරක්‍ෂක රාජකාරීන්හි නියැලී සිටින භටපිරිස් සඳහා නව පෙර නිමි භට නිවාසයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ගේ උපදෙස් මත පසුගිය බදාදා (දෙසැම්බර් මස 27) දින පුදුකුඩිඉරිප්පු ‘විජයග්‍රාහී ස්මාරකය’ යෙහි ආරක්‍ෂක රාජකාරීන්හි නියැලී සිටින භටපිරිස් සඳහා නව පෙර නිමි භට නිවාසයක් 68 පාබල සේනාංකයේ සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ඉදිකරන ලදී.

68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් නවතමයෙන් ඉදිකරන ලද භටනිවාස පරිශ්‍රය වෙත නිරීක්‍ෂන චාරිකාවක නිරත වෙමින් එම භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ.