2023-10-04 21:38:31
එළඹෙන 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජි සහ 613 පාබල බලසේනාවේ බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩී.එන්.ආර් කන්නන්ගර, කඹුරුපිටිය, ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ නිල සංචාරයක් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින සිදුකරන ලදී.
2023-10-04 21:34:36
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් සහ 59 පාබල සේනාංකයේ භටපිරිස් සංවිධානයෙන් ප්‍රදේශ වාසීන්ගේ විනෝදාස්වාදනය උදෙසා සංගීත ප්‍රසංගයක් මුලතිව් වෙරළ තීරය පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 30) දින පවත්වනු ලැබීය.
2023-09-14 20:02:57
24 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද බළලත් සහ සැරයන් නිවස්නය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා දින (සැප්තැම්බර් 8) පැවැති උත්සවයකදී විවෘත කරනු ලැබීය.
2023-09-14 19:57:38
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් විදේශ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 12) දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලික රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.
2023-09-14 19:51:29
24 පාබල සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් සඳහා චිත්ත ධෛර්යය සහ මානසික සතුට වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ 18 විජයබාහු පාබල රෙජිමේන්තු තූර්ය වාදක කණ්ඩායම විසින් විශේෂ ‘Rest and Recreation’ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර ඒ සඳහා 241, 242, 243 පාබල බලසේනාවන් යටතේ අක්කරෙයිපත්තුව, ආරුගම්බේ, මඩකලපුව සහ අම්පාර මල්වත්ත ප්‍රද්ශයේ සේවයේ නියුතු භටපිරිස් සහභාගී වූහ.
2023-09-11 19:18:10
2020 වසරේ සේවයේ නියුතුව...
2023-09-06 18:52:37
ශ්‍රී ලංකා පාබල හමුදාව දැනට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යමින් එම රෙජිමේන්තුවේ සෙබලෙකුගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද තවත් එක් නිවසක් පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 04) දින රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.
2023-08-28 22:49:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ පුහුණු දිනයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මානසික සුවපත්භාවය ඇතිකිරීමේ අරමුණින් උපදේශන මනෝවිශේෂඥ භාග්‍යා අබේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2023 අගෝස්තු මස 23 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී ‘ආතති කළමණාකරනය සඳහා ආදර ත්‍රිකෝණය හඳුනාගැනීම’ මැයෙන් දේශනයක් පැවැත්විණි.
2023-08-23 22:40:21
24 පාබල සේනාංකයට අයත් 241 පාබල බලසේනාවේ භටපිරිස් ඔවුන් සමඟ සේවය කරන කාන්තා සෙබළියෙකුගේ අක්කරපත්තුවේ පිහිටි ගිනිගත් නිවස ප්‍රතිසංස්කරණය කර නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ ද ලබාදීමට කටයුතු කරනු ලැබූහ. යුද්ධ හමුදවේ ඉල්ලීම මත අක්කරෙයිපත්තුවේ මුස්ලිම් සහ දමිළ ව්‍යපාරික ප්‍රජාව නිවසේ අළුත් වැඩියා කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අවශ්‍ය සම්පත් ලබා දෙමින් ව්‍යාපෘතියට සහාය දෙනු ලැබීය. 24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය කාන්තා සෙබළ ටී. ඩිරෝනා ගේ නිවස ගින්නට හසුවීමෙන් දැඩි ලෙස හානි සිදුවිය.
2023-08-20 20:23:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ මානසික සුවතාවය වැඩිදියුණු කිරීම සඳහා පනාගොඩ, එම බලකා ක්‍රීඩා පිටියේදී පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 10) දින විනෝදාස්වාදජනක වැඩසටහනක් සංවිධානය කරන ලදී.