Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2024 18:44:06 Hours

541 පාබල බලසේනාවේ භටපිරිස් විනෝද චාරිකාවක

541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී.වයි.සී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ උපදෙස් මත, එම බලසේනාවේ රාජකාරියෙහි නියුතු භටපිරිස්හි මානසික සුවතාවය උද්දීපනය කිරීම සඳහා විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදී.

විනෝද චාරිකාවේදී මන්නාරම ප්‍රදේශය ආසන්නයේ පිහිටි ඓතිහාසික ස්ථාන වන තන්තිරිමලෛයි පන්සල, මඩු පල්ලිය, පරයනකුලම් පැරණි පාලම, තලෛයිමන්නාරම් ජැටිය සහ පේසාලෛයි වෙරළ තීරය වැනි ස්ථාන නැරඹූ අතර, ඒ සඳහා භටපිරිස් 45 දෙනෙකු සහභාගී වූහ.