Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2024 17:58:56 Hours

12 ගැමුණු හේවා බලකා මූලස්ථානයේ නව නිලධාරි නිවස්නය විවෘත කෙරේ

අරලගංවිල ප්‍රදේශයේ ස්ථාපිත 12 ගැමුණු හේවා බලකා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිලධාරි නිවස්නය පසුගිය සඳුදා (ජනවාරි මස 01) දින විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් සහභාගී විය.

ඒකකයේ භටපිරිස් විසින් ප්‍රාදේශීයව සපයාගනු ලැබූ අමුද්‍රව්‍ය භාවිතා කරමින් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.