2024-08-06 18:31:08
විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නවාතැන් ගොඩනැගිල්ල 2024 ජූලි මස 31 දින විවෘත කරන ලදී. මෙම අවස්ථාව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බළකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී වූහ.
2024-08-02 17:46:48
4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මාතලේ කයිකාවල ප්‍රදේශයේ දිවිගෙවන දිවංගත කෝප්රල් එච්.පී.එන්. උදය කුමාර ගේ පවුලට නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම නිවස 2024 ජූලි මස 29 දින පැවති කෙටි උත්සවයකදී ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
2024-07-18 20:26:56
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මගපෙන්වීම යටතේ මව්බිම වෙනුවවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් ජේ.ඒ.පී. රණසිංහගේ දියණිය වන ජේ.පී. නයෝමි දේදුනු මහත්මිය වෙත 2024 ජූලි මස 14 දින කහගොල්ල බලඇණි පුහුණු පාසලේදී ශිෂ්‍යත්වයක් ප්රදානය කරන ලදී.
2024-07-16 12:20:30
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ එම සේනාංකයේ සේවයේ නියතු සිවිල් සේවකමහතුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා 2024 ජූලි මස 13 දින සුහඳ හමුවක් පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා සිවිල් සේවකමහතුන් 21 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 16 දෙනෙකු සහභාගිවූ අතර, ඔවුන් හට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැදගත් ස්ථාන නැරඹීමට අවස්ථාව හිමි විය.
2024-07-15 15:12:40
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් හා කාංචන මාරසිංහ මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් වැලිකන්ද, සිංහපුර, දිඹුලාන ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. මෙම නව නිවස 2024 ජූලි මස 11 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභියා වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
2024-07-09 20:20:46
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිලධාරී නිවස්නය 2024 ජූලි මස 07 දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
2024-07-09 05:51:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී පරිත්‍යාග වැඩසටහනක් 2024 ජූලි මස 06 දින පැවැත්විණි.
2024-07-03 13:37:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත ‘සියවස’ කාර්යාල සංකීර්ණයේ ඉහළ මහල ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්ෂ ආර්එස්පී ගේ සුරතින් 2024 ජුනි මස 27 දින විවෘත කෙරිණි.
2024-06-20 15:05:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ සංකල්පයකට අනුව 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවන් වෙනුවෙන් නව පුස්තකාලයක් ඉඳිකරනු ලැබීය. නව පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ සුරතින් 2024 ජුනි මස 15 දින මෙම නව පුස්තකාලය විවෘත කෙරිණි.
2024-06-15 14:54:16
3 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ පැවති ට්‍රැක්ටර් රථ 10 ක් අළුත්වැඩියා කර 2024 මැයි මස 27 දින එම ට්‍රැක්ටර් රථ නැවත ධාවනය සඳහා භාරදෙනු ලැබීය.