2024-06-05 15:12:31
රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජි.ඒ.එන්.බී. මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත අලව්ව ප්‍රදේශයේ ස්ථාපිත රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු භටපිරිස් 2024 මැයි මස 29 සහ 30 දෙදින තුළ කතරගම වන්දනා චාරිකාවක නිරතවූහ. එම රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ සුහදත්වය වර්ධනය කිරීම, සහජීවනය ගොඩනැඟීම, එම භටපිරිස්හී කුසලතාවයන් වර්ධනය කිරීම සහ රාජකාරී සිදුකිරීමේදී ඇතිවන ආතතිය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම වන්දනා චාරිකාව සංවිධානය කරනු ලැබීය.
2024-05-17 15:41:06
6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරනු ලැබූ අණ හා පාලන කණ්ඩායම් කාර්යාල ගොඩනැගිල්ල 553 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.අයි.එස් මෙන්ඩිස් ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි 10 වන දින විවෘත කරන ලදී.
2024-05-17 15:37:40
දියතලාව ස්ටේෂන් කන්ද කඳවුරු පරිශ්‍රයෙහි ආරම්භ කරනු ලැබූ 'Garrison Manor' නිවාඩු නිකේතනය ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (මැයි මස 15) දින විවෘත කරනු ලැබීය.
2024-05-15 14:34:53
හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපළ පරිශ්‍රයේ ඉදිකරන ලද 'Field View' නිවාඩු බංගලාව පසුගිය සඳුදා (13) විවෘත කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-05-10 16:07:57
14 පාබල සේනාංකයේ සේවයේ නියතු භටපිරිස්හී සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් එම සේනාංක මූලස්ථානයේ ඉදිකරනු ලැබූ නව ස්වයංක්‍රිය රෙදි සෝදන ස්ථානය විවෘත කිරීමේ උත්සවය 2024 මැයි මස 07 දින පැවැත්විණි.
2024-05-03 14:15:48
පුත්තලම, 58 පාබල සේනාංකයේ නවතමයෙන් ඉදිකරන ලද වෛද්‍ය ප්‍රථිකාර ඒකකය, ‘PITSTOP’ අවන්හල සඳහා නව කෙටි ආහාර අළෙවිසල සහ නව වායු රයිෆල් වෙඩි පිටිය අප්‍රේල් මස 26 දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.
2024-04-29 20:18:27
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නවතමයෙන් ඉදිකරනු ලැබූ බහුකාර්ය පහසුකම් සංකීර්ණය අප්‍රේල් මස 27 දින විවෘත කරන ලදී.
2024-04-19 20:03:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමඟින් එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී විසින් 2024 අප්‍රේල් මස 17 දින විවෘත කරන ලදී.
2024-04-17 16:57:17
ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පසුගිය බදාදා
2024-04-12 16:31:49
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 36 දෙනෙකු වෙත රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 10 දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.