Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2024 19:25:17 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් සුහද හමුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් හි සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් එම බලකායේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් සුහද හමු කිහිපයක් යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ උපදෙස් මත සංවිධානය කරන ලදී.

දෙසැම්බර් මස 02, 03 සහ 17 යන දිනයන්හිදී පැවති මෙම සුහද හමුවන් 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් සංවිධානය කරන ලදී. විනෝදාස්වාදය ගෙන දෙන අංගයන් රැසක් ඇතුළත්ව මෙම සුහද හමුවන් පැවැත්විණි.